Legal Advice 47
Description
අසභ්‍ය ප්‍රකාශන ළග තබාගතහොත් අසභ්‍ය දර්ශන නැරඹුවහොත් ඔබව අත් අඩංගුවට ගත හැකිද?
මුලින්ම අසභ්‍ය ප්රකාශනයක් යනු කුමක්දැයි හදුනා ගනිමු. සාමාන්‍ය පුද්ගලයෙකුට මහජනතාව ඉදිරියේ භාවිත කල නොහැකි ලිංගිකත්වය හා සම්බන්ධ වුන වචන, රූප, ශබ්ද වලින් සමන්විත, හෝ වචන, රූප, ශබ්ද රුපවලින් නිරුපණය කරන හෝ එම සියල්ලගෙන් එකතුවක් අසභ්‍ය ප්රකාශනයක් ලෙස හැදින්විය හැකිය.
ඒ අනුව අසභ්‍ය ප්‍රකාශන ගත් විට එය වචනවලින් සහ රූපවලින් සමන්විත පොතක්, සඟරාවක්, පුවත්පතක් විය හැකිය. සමහරවිට එය ඡායාරුප කිහිපයක් වේ. ඇතැම් විට එය වීඩියෝ දර්ශන වලින් හා වාචික ශබ්ද වලින් සමන්විත වේ.
වර්තමානය වන විට අසභ්‍ය පොත් සගරා විරල වුවද අසභ්‍ය වීඩියෝ දර්ශන ඉතා විශාල ප්‍රමාණයක් අන්තර් ජාලය තුල අන්තර්ගත වේ. තවද මේ වන විට පරිගණක, ටැබ් යන්ත්‍ර සහ විශේසයෙන් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය හමුවේ අසභ්‍ය වීඩියෝ දර්ශන ඉතාම පහසුවෙන් ගබඩාකර ගත හැකි තත්ත්වයට පත්ව තිබේ.
මෙවැනි අසභ්‍ය ප්‍රකාශන ළග තබාගෙන හිටියොත් ඔබව අත් අඩංගුවට ගත හැකිද?
වර්තමාන ශ්‍රී ලංකා නිතිය අනුව මෙවැනි අසභ්‍ය ප්‍රකාශන වෙලදාම සහ මහජන ප්‍රදර්ශන තහනම් වේ. ඒ අනුව එම කාරණා සදහා මෙවැනි අසභ්‍ය ප්‍රකාශන නිර්මාණය ගබඩා කර ගැනීම බෙදාහැරීම, අතමාරුවට ලබාදිම නිතිය අනුව සම්පූර්නයෙන්ම වරදක් වේ.
කෙසේ වුවද අපගේ හුදු සන්තකයේ හෝ තබා ගැනීම වරදක් නොවූවද එලෙස ලග තබා ගැනීම නිතැතින්ම ඔබ කරදරයක් වෙත රැගෙන යන්නක් වේ. හුදු සන්තකය තබාගෙන සිටිම පමණක් ඔබ අත් අඩංගුවට ගැනිම පොලිස් නිලධාරීන්ට කල නොහැකි නමුත් ඔබ වෙළදාම් කරාද, බෙදාහැරියාද නොමැති නම් හුදු සන්තකයේ පමණක් තිබුණාද යන කාරණා විභාග කර තීරණයක් ලබා දෙනුයේ ඔබ අත් අඩංගුවට ගෙන උසාවියකට ඉදිරිපත් කර සෑහෙන කාලයක් ගතවීමෙන් පසුවය. ඒ වන විට ඔබගේ කාලයත් මුදලත් ගෞරවයත් විනාශ වි හමාරය. තවද ඔබ නොදැනුවත්වම ඔබේ දුරකථනයේ ඇති එවැනි විඩියෝවක් ෂෙයා වීමට ඉඩ තිබේ. ඔබ එය සිතා මතා ෂෙයා නොකල බව අධිකරණයේ ඔප්පු කිරීමට අසීරු විය හැකිය. එබැවින් මෙවැනි අසභ්‍ය දර්ශන ලග තබා ගැනීමෙන් වලකින්න.
මෙවැනි ලිපි කියවීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.
Reviews
There are no reviews yet.